හිටපු නි.ඇමති ඇතුළු තිදෙනා 26 තෙක් යළි රිමාන්ඩ්

හිටපු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර,පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි,කහවත්ත ප්‍රා.සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා ජනවාරි මස 26 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් ජනවාරි මස 05 වන දින අළුයම කහවත්ත ප්‍රදේශයේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ස්ථාපිත කරමින් සිටි පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කළ බවට මෙම තිදෙනාට චෝදනා එල්ලවී තිබේ.


අදාළ නඩුව අද (20)පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.


මෙහිදී විත්තියේ නීතිඥවරයා ඉල්ලා ඇත්තේ තම සේවාදායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් කොළඹ මැගසින් බන්ධනාගාර ගත කරන ලෙසයි.


එම ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ අංශ වෙත නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඉකුත් 05 වන දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ප්‍රේමලාල් ජයසේකර මහතා අලුත්ගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 10 වන දින අළුයම 1.30 ට පමණය.



Post a Comment