නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබේ.
කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබි කිසියම් පිරිසක් විසින් එය රැගෙන යෑමට උත්සහයක් ගන්නා අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇත.
එසේ ගොස් සොයා බැලීමේදී දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment