අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා සංචාරය කුමන හේතුවක් නිසා හෝ අහෝසි කිරීමක් මෙන්ම කල් දැමීමක් සිදුනොවන බව ජාතික කතෝලික ජන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් පවසයි.
පාප් වහන්සේ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් අද(06) දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමන් මේ බව සඳහන් කළේය.
පාප් වහන්සේගේ සංචාරයට අදාළව පිරිස් පාලන කටයුතු බාර ෆ‍්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් සඳහන් කළේ බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සියලූ පහසුකම් සළසා ඇති බවයි.
මෙම දිව්‍ය පූජාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දිවයිනේ සෑම පළාතකම සිට විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කරන බවත්, ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර ඇති බවත්, එම මාධ්‍ය හමුවේදී දැනුවත් කරන ලදී.
එසේම ශුද්ධෝත්තම පියතුමන්ගේ ශී‍්‍ර ලංකා සංචාරය වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක්ද නිකුත් කෙරෙන අතර, රුපියල් පන් සියයේ වටිනාකමින් යුත් රිදී කාසී 1500 ක්ද නිකුත් කිරීමට නියමිතව ඇති බවත් එහිදි සඳහන් විය.

Post a Comment