සජින් වාස්ගේ නිවසට ප්‍රහාරයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අම්බලන්ගොඩ ප්‍ර දේශයේ පිහිටි නිවසකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

අද රාත්‍රී යේ මීට ටික වේලාවකට පෙර මෙම ප්‍රහාරය එල්ල වූ බව මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.


තම නිවසට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම නිවසට පෙට්‍රල් බෝම්බ 3ක් එල්ලවී ඇති බවත් , එයින් පුපුරා ගොස් ඇත්තේ එක් පෙට්‍රල් බෝම්බයක් පමණක් බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


ඒ අනුව එල්ලවී ඇත්තේ අත්බෝම්බ ප්‍රහාරයක්ද, එසේත් නැතිනම් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment