අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉල්ලා අස්වන බවට දැනුම්දී ඇති බව අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේ ප්‍රකාශ කළද අගවිනිසුරුගේ ප්‍රකාශක නීතිඥ විජේරත්න කොඩිප්පිලි මහතා විසින් ඒ බව ප්‍රතික්ෂේප කර ඇති බවත්, එබැවින් එකී ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි රාජිත සේනාරත්න මහතාගෙන් විමසන ලදුව හෙතෙම මේ බව කියා සිටියේය.
අද (22) කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
තමා විසින් කියා සිටියේ අග්‍රමාත්‍යවරයා තමාට කියා සිටි දෙයක් බවත්, ඒ අනුව වඩා විස්තර දන්නේ අග්‍රාමාත්‍යවරයා බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත්, එසේ ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට විය යුතු යයි තමන් විශ්වාස කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන ගිය ලැබූ බැංකු ගිණුමට අදාළව වත්මන් ආරක්ෂක ලේකම් ඩී.එම්.යූ.ඩී දිසානායක මහතා කරනු ලැබූ ප්‍රකාශ පිළිගත නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ලේකම්වරයාට අමාත්‍යංශයේ නමට හෝ ගිණුම් පවත්වාගෙන යා නොහැකි බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් කරුණු හරිහැටි නොදැන රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයිද ඒ අනුව රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රකාශ නිකුත් කිරීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එබැවින් ඒ සඳහා උපදෙස් නිකුත් කරන ලෙස තම ලේකම්වරයාට උපදෙස් ලබාදෙන මෙන් රාජ්‍ය පරිපාලන,පළාත් සභා,පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බවද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment