දෙමටගොඩදී පෙරේදා (17) පොලිස් බාරයට ගත් වයඹ ඩිස්‍ටිලරීස් සමාගමේ මත්පැන් බෝතල් 68,000ක තොගය නිත්‍යානුකූල ඒවා බව සුරාබදු නිලධාරීන් අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.
ඒ අනුව නීත්‍යානුකූල නොවන බව පවසමින් පොලිසිය විසින් බාරයට ගත් මත්පැන් තොගය මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයන් අතුරින් එක් අයෙකු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා අනෙක් සැකකරුවන් 7දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප සහ රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැර තිබේ.

Post a Comment