බඳින තුවක්කුව පත්තුවී පුද්ගලයෙක් මරුට

බිබිල, මැදගම ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

සතුන් සඳහා අටවා තිබු තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇත.


මියගොස් ඇත්තේ මැදගම, ගල්කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



Post a Comment