එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද (19) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා සහ ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
අදාළ පෙත්සම මගින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කුමරන් පද්මනාදන් නැමැත්තා අත්අඩංගුවට ගත්තද මේ දක්වා අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති බවයි.
පසුගිය රජය සමයේදී මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ කේ.පී කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යයි.

Post a Comment