කොල්ලකරුවන් අල්ලන්න ගිය උප පොලිස් පරීක්ෂකට වෙඩි

කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පාදුක්ක පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

අද අලුයම අදාළ උප පොලිස් පරීක්ෂකවරයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


අතුරුගිරිය ප්‍රදේශයෙන් කොල්ලකන ලද වෑන් රථයක් රැගෙන පළායමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර එහිදී සැකකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.


ප්‍රහාරයට ලක් වු උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.


සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදුක්ක පොලීසිය විමර්ශන සිදුකරයි.



Post a Comment