මත්පැන් බී යතුරු පැදියේ ගිය තරුණයින් තුන්දෙනාම මරුට

අධික ලෙස මත්පැන් පානය කර, යතුරු පැදියකින් යමින් සිටි තරුණයින් තිදෙනෙකු අද (27) අළුයම තාප්පයක ගැටීමෙන් මියගිය පුවතක් ඇඹිලිපිටියෙන් වාර්තා වේ.

ඇඹිලිපිටිය, ගල්වංගුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත‍්තේ වයස අවුරුදු 19, 19 හා 21ක යන වයස්වල තරුණයින්ය.


ඔවුන් අධික ලෙස බීමතින් සිට ඇති බවත්, ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත්, අනතුර සිදුව ඇත්තේ අළුයම 1.05ට පමණ බවත්, පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.



Post a Comment