නවතා තිබූ ත්‍රී රෝද රථයේ සිටි ගැබිණිය මරුට

ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් සිව් මස් ගැබිණි කාන්තාවක මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

අද (27) අළුයම 2.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.


අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - පුරාණගම පදිංචිකාරියකව සිටි එස්.ජේ.එම්.චතුරිකා නිල්මිණී (අවු:32) නම් ගැබිණි කාන්තාවකි.


ටිපර් රථයක් නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති අතර මිය ගොස් ඇති කාන්තාවද එම ත්‍රීරෝද රථයේ සිට ඇත.


අනතුරින් තුවාල ලබා සිටි කාන්තාව එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇතත් ඇය මිය ගොස් ඇත.


අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ එය පැදවූ බව කියන රියදුරා ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment