වමේ නියෝජිතයින් ජනපති මෛත්‍රී හමුවෙයි

වමේ දේශපාලන පක්ෂ කිහිපයක ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.


ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂවල නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වී ඇත.


පසුගිය ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ජනාධිපතිවරයා එහිදී ඔවුන්ට සිය ස්තුතිය ද පළ කර ඇති අතර ඉදිරි වැඩකටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ජා කර තිබේ.


ජනාධිපතිවරයාට සහය පළ කිරීම මත සිය පක්ෂ තුළ ඇතිවු ඇතැම් ගැටළු පිළිබඳව ද පක්ෂ නියෝජිතයින් එහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇත.



Post a Comment