අධිවේගයේ අනතුරින් 3ට තුවාලයි

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වත්තල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබු මෝටර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අද අළුයම මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරින් මොටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.


අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.



Post a Comment