බස් 2ක් ගැටී 26ක් රෝහලේ

බුලත්සිංහල, නාරගල ප්‍ර දේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

පෞද්ගලික බස්රථ 2ක් මුහුණට මුහුණ ගැටී අදාළ අනතුර සිදුවී ඇති බව සඳහන්ය.


අනතුරින් තුවාල සිදුවු තුවාලකරුවන් හොරණ රෝහලට ඇතුළත්කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



Post a Comment