රාජ්‍යතාන්ත්‍රික සේවයට මින් ඉදිරියට දේශපාලන හිතවත්කම් නෑ

ඉදිරියේ දී පූර්ණ වෘත්තිමය රාජ්‍යතාන්ත්‍රික සේවයක් ඇති කිරීමට කටයුතු කරන බව වැඩබලන විදේශ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

දේශපාලන පත්වීම් ලැබු සියලු තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව වැඩබලන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.


මේ වන විටත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 29 දෙනෙකු මෙරටට කැඳවා ඇති බව ද ඔහු කියයි.


ඒ අනුව ඉදිරියේ දී වෘත්තීමය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන බව වැඩබලන විදේශ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



Post a Comment