කැබිතිගොල්ලෑව, ඊතලවිද්දවැව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පැදිකරු සහ පසුපැදිකරු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment