නැගෙනහිර සභානායකත් මෛත්‍රීට හේත්තුයි

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී හා එම පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා ඉදිරි ජනපතිවරණයේදී ‍පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

පොදු විපක්ෂය විසින් කොළඹදී අද (23) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට ඔහු එක්ව සිටි අතර එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ අතුරලියේ රතන හිමිගේ අනුශාෂකත්වය යටතේ ඒ මහතා තමාට සහය පළ කිරීමට එක්ව ඇති බවයි.


ප්‍රියන්ත පතිරණ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නැගෙනහිර පළාත් සභාවට එක්විය.


නැගෙනහිර පළාත් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කළ සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද එම පක්ෂයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සමග ඊයේ පොදු අපේක්ෂකයාගේ සහයට එක්වූහ.



Post a Comment