එල්.ටී.ටී.ඊය හසුරුවන්නේ ආණ්ඩුව යටතේ සිටින කේ.පී - මෛත්‍රීපාලනය යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙනවා

උතුරේ සහ නැගෙනහිර ජනතාව එහි පදිංචි කළයුතු බවත්, ඔවුන්ගේ ජිවත්වීමේ අයිතිය අහිමි කර, වත්මන් පාලනය තුළ නිරුවත් කර පහරදීමට ලක් කරන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (23) පිටකොට්ටේ සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී රණවක මහතා මෙසේද සඳහන් කළේය.


අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට පරණගම කොමිසම පත් කර ඇත. මේ වන විට විදේශ විශේෂඥයන් 5 දෙනෙකු ඊට පත් කර තිබෙනවා. වර්තමාන රජය විසින් ඔවුන් පත් කර ඇත්තේ කුමකටද? මෙම යුධ අපරාධ කොමිසමේ වගවිභාග කරන්නේ කුමක්ද? යන්න පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තියට අනුව කිසියම් ආරක්‍ෂක නිළධාරියෙකු එය කඩ කර තිබෙනවා නම් රටේ පවතින නීතිය අනුව ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙය 1971 පේ‍්‍රමවතී මනම්පේරී සිදුවීමටත්, 1987 සූරියකන්ද සිදුවීමටත්, එල්.ටි.ටි.ඊ. සිදුවීම් ගණනාවකටත් අනාවරණය කරන්න දායක කරගත්තා. එය දේශීය යාන්ත‍්‍රණයක් රජයට යුධ අපරාද චෝදනා කිරීමට අයිතියක් නැත. එයට හේතුව වන්නේ එයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නියෝගයක් අනුව මැක්ස්වෙල් පරණගම කොමිසමට බලය පවරා තිබීම. දේශීය වශයෙන් ඇතිවන ගැටළු සඳහා දේශීය උසාවි තුළින් ප‍්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව පවතිනවා.


මානව හිමිකම් කොමිසම තුළ ශ‍්‍රී ලංකාවට තුනෙන් දෙකක බලය හිමිව තිබුණා. ශ‍්‍රී ලංකාවට පක්ෂව ජන්ද 29ක් ද විරුද්ධව ඡන්ද 15 ක්ද පැවතුණා. නමුත් පසුගිය මානව හිමිකම් කොමිසමේදී රණවිරුවන් අසීරුතාවයට පත් වුණා. මේ සඳහා වත්මන් ආණ්ඩුව යටතේ පවතින, විදේශ කටයුතු අමාත්‍යාංශය සහමුලින්ම වගකිව යුතුයි. නිසි රාජ්‍ය තාන්ත‍්‍රිකයින් යොදා අප රටට එරෙහි මතය වෙනස් කළ යුතුයි. විශ‍්‍රාමික හමුදා නිළධාරින් දේශපාලන කටයුතු වලට යොදාගනිමින් ඔවුන් දේශපාලන සංවිධාන කටයුතු පවරා තියෙනවා. නැවතත් වර්තමාන ආණ්ඩුව විසින් උතුරේ වර්ජනය කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.


ප‍්‍රභාකරන් යුධ කටයුතු සිදු කරන විට විදේශ ගත දෙමළ ජාලය මෙහෙයවනු ලැබුවේ කුමරන් පද්මනාදන් ය. ඔහු අද ආරක්ෂක අමාත්‍යංශ භාරයේ සිටිනවා. අදටත් එල්.ටි.ටි.ඊ. ජාලය ක‍්‍රියාත්මක කරන්නේ, කුමරන් පද්මනාදන්. මේ වංචනික ක‍්‍රියාදාමයන් පරදා, මෛත‍්‍රීපාලනයක් තුළ නිදහසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. අද උතුරේ සිංහල ජනතාවට පදිංචි වීමේ අයිතිය අහිමිකර තිබෙනවා. අද ඔවුන්ව නිරුවත් කර පහරදෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති මත නිදහසත් ජාතික ආරක්ෂාවත් දුර්වල වෙන කිසිම ක‍්‍රියාදාමයකට යොමු නොවන බව අවධාරණය කර තිබෙනවා.



Post a Comment