පවතින අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබේ.
ජලාශයේ වාන් දොරටු 05න් 04ක් මේ වන විට අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 9000ක ජල පරිමාවක් වලවේ ගගට මුදාහැරෙන අතර මේ හේතුවෙන් වලවේ ගඟ භාවිත කරන්නන් වඩාත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මීට අමතරව අම්බලන්තොට, මැලේ කොලනිය,රිදියගම, ලියන්ගස්තොට යන ප්‍රදේශ වල ජනතාව මේ පිළිබඳ වඩාත් අවධානයෙන් සිටින ලෙස ද ඉල්ලීමක් කරයි.

Post a Comment