අදත් දෙපැත්තටම කරණම්?

2015 අය වැය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව අද පළමුවරට රැස්වීමට නියමිතව තිබේ.

මේ නිසා දේශපාලන වේදිකාවේ කාගෙත් කතාබහට ලක්වන පිල් මාරුව පිළිබඳ අද දිනයේ විශේෂ අවධානයක් යොමුව ඇත.


දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය පැති මාරු කරනු ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග පවසයි.


ඒ .එච්.එම් අස්වර් මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වු මන්ත්‍රී ධුරය වෙනුවට අමීර් අලී මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමද අද දිනයේ සිදුකිරීමට නියමිතය.


මේ අතර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ විශේෂ වෙනසක් සිදුකර ඇති බව වාර්තා වේ.


ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් ඇතුළු පිරිසක් විපක්ෂයට සහය දීම සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු තිස්ස අත්තනායක මහතා ආණ්ඩු පක්ෂයට එක්වීම හේතුවෙන් නව ආසන පැනවීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



Post a Comment