ඡන්ද පත්‍රිකාව අඩියත් පනී!

මෙවර ජනාධිපතිවරණය සඳහා මුද්‍රණය කෙරෙන ඡන්ද පත‍්‍රිකාව අඟල් 13.5ක දිගකින් යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.

2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඒ, පිළිගත් දේශපාලන පක්ෂවලින් 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් වලින් දෙදෙනෙකු වශයෙනි.


තැපැල් ඡන්දය සඳහා අවශ්‍ය ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය අද උදෑසන නිමා කර ඇතැයි සඳහන්ය.


අපේක්ෂකයාගේ නම සහ ඡන්ද සලකුණ ඡන්ද පත‍්‍රිකාවේ දැක්වෙන බවද විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබේ.


මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලූම් කර ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව පන්ලක්ෂය හතලිස් පන්දහස ඉක්මවන බවද හෙතෙම කියා සිටියේය.


කුරුණෑගලින් වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර හැටහයදහසක් ලැබී ඇති බවද, අනුරාධපුර දෙවන තැනටත් අඩුම තැපැල් ඡන්ද ඉල්ලුම්පත් සංඛ්‍යාවක් මුලතිව් දිස්ත්‍රීක්කයෙන් ද ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.


තැපැල් ඡන්දය සඳහා නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම ද ලබන 15 වෙනිදා සිදුකෙරෙන අතර ලබන 23 සහ 24 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.



Post a Comment