මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක වල ලේකම්වරුන් හෙට දිනයේ කොළඹට කැඳවා තිබේ.
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් සඳහා හෙට පෙරවරුවේ සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඇති බවයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට අමතරව හෙට දිනය තුළ මැතිවරණ කොමසාරිස්වරයා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද හමුවීමට නියමිතය.
ජනාධිපතිවරණට නාමයෝජනා බාරගැනීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා දිස්ත්‍රික් මැතිවරණ බලධාරීන් හමුවන පළමු අවස්ථාව මෙයයි.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණවී ඇත.

Post a Comment