නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසිඑක් (21) දෙනෙකුගෙන් සමන්විතවේ.
කඳුරට ජනතා පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හත් (7) දෙනෙක්ද කම්කරු ජාතික පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හතර (4) දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු පස් (5) දෙනෙක්ද, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී එස්. සදාසිවන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු එක්සත් පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හතර (4) දෙනෙක් හා 1ක් ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් යටතේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව සමන්විත විය.
මෙම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිධූරය කඳුරට ජනතා පෙරමුණේ එස්. සදාසිවන් මහතා දරණූ ලැබීය.
කඳුරට ජනතා පෙරමුණේ හා කම්කරු ජාතික පෙරමුණෙන් ඉවත්වූ මන්ත‍්‍රීවරු තිදෙනෙක් (3) ඔවුන් සිටි පක්ෂවලින් ඉවත්වී ලංකා කම්කරු කොංග‍්‍රසයට එක්විය.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් සන්ධාන නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේපවීම හේතුවෙන් ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරමින් කිසිදු අපේක්ෂකයෙකුට මෙම ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වීමට නොහැකි විණ.
මේ අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රීවරු දහඅට (18) දෙනෙකු සහ සන්ධානයට මන්ත‍්‍රීවරු තිදෙනෙකු (3) වශයෙන් අද (11) සිට නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව කි‍්‍රයාත්මක වන බව එහි සභාපතිවරයා පැවසුවේය.

Post a Comment