බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වන්නේ යැයි පැතිර යන කට කතාවලට ප්‍රතිචාර ලෙස ඔහු ඒ ගැන මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
තමන් බත් කාපු කටින් අසූචි නොකන බවද, පක්ෂය හැර නොයන සහතිකය ලෙයින් දුන් කෙනෙක් ලෙස තමන් ඒ ගැන ආඩම්බර වන බවද ඔහු පවසයි.
රුපියල් ශතවලට තමන් දේශපාලනය නොකරන බවත්, ආණ්ඩු පක්ෂයේ කිසි කෙනෙක් තමාව සල්ලි වලට ගැනීමට නොහැකි බව දන්නා බවත්, මන්ත්‍රීවරයා කියයි.
බුද්ධික පතිරණගේ දේශපාලනය සල්ලිවලට මිල කළ නොහැකි බවත්, තමන් වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා බවත්, හෙතෙම පවසයි.
පක්ෂය හැර නොයන බවට මහපට ඇඟිලි විද රුධිරයෙන් සහතික දුන් එකම පුද්ගලයා තමා බවත්, තමා කෙටි කාලීන වරප්‍රසාද උදෙසා පක්ෂය පාවා දෙන්නෙක් ෙනාවන බවත්, මන්ත්‍රීවරයා කියයි.
මාතර තමාගේ ගමන උහුලන්න බැරි පිරිසක් මෙවැනි මතවාද ගොඩනගන බවත්, කෙෙස් වුවද පක්ෂය පාවාදී යන ද්‍රෝහියන්ගේ ගොඩේ බුද්ධික පතිරණ නැති බවත්, ඔහු අවධාරණය කරයි.
තමාට වර්තමාන දූෂිත ආණ්ඩුවට එක්වන්නැයි කිවුවොත් අළුයම හෙළන කෙළ පිඩක් මෙන් එය “තුක්.. කියා” ප්‍රතික්ෂේප කරන බවද, වත්මන් ආණ්ඩුවේ තනතුරු “බල්ලෙක්ගේ අධෝ මුඛයේ තියෙන රෝම කූපයක් තරම්වත් තමාට වටින්නේ” නැති බවද හෙතෙම කියයි.

Post a Comment