රට සල්ලි හුවමාරුවක් කොල්ලකයි

බෙන්තොට නගරයේ පිහිටි විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකා තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා ආයතනයේ හිමිකරු බිය ගන්වා කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.


එහිදී කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා දේශීය හා විදේශීය මුදල් තොගයක් කොල්ලකා පළාගොස් ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මේවතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment