හොර අත්සන් ගසා කූඨ ලියවිලි හදලා - රනිල් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා විසින් කූඨ ලේඛනයක් සකස්කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා අතර ඇතිවීයයි කියනු ලබන ගිවිසුමක් පිළිබඳ ඊයේ(22)පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා විසින් යම් ලියවිල්ලක් මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳ විපක්ෂ නායකවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත.


තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද එම ලියවිල්ලෙහි තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණු බවත්, එවැනි ගිවිසුමකට තමන් කිසිදිනෙක අත්සන් කර නොමැති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වාදී තිබේ.


එබැවින් එවැනි කූඨ ලියවිල්ලක් නිර්මාණය කිරීම හා තමාගේ අත්සන විකෘති කොට ව්‍යාජ අත්සනක් යෙදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.



Post a Comment