හික්කඩුව, පතන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද පස්වරු 5.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අවුරුදු 35ක වයසැති පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහුව රෝහල්ගත කරන අවස්ථාව වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment