පූජා නගරය ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවෙයි

අනුරාධපුර ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

වර්ෂාව හේතුවෙන් ජලාශ දෙකෙහි ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග ඉංජිනේරු අරුණ කොනගෙදර මහතා පැවසුවේය.


රාජාංගණය ජලාශයේ වාන් දොරටු 30න් 04ක් විවෘත කර ඇති අතර අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව සඳහන්ය.


මේ අතර නාච්චදූව වැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මල්වතු ඔය පටුමගේ සහ පූජා නගරය ආසන්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.



Post a Comment