ඇය මේ බව සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම මගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කර තිබු පෙත්සමට අද (17) පෙනී සිටිමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
හිටපු අගවිනිසුරුවරිය පහත පරිදි වැඩිදුරටත් අදහස් දැක්විය.
“මම මගේ රටට අවුරුදු 32ක කාලයක් සේවය කරලා තියෙනවා. ඒ අවුරුදු 32ක වකවාණුව තුළ මට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් හෝ චෝදනාවක් ඉදිරිපත් වෙලා තිබුණේ නෑ.
2013 ජනවාරී මාසයේ 13 වැනිදා සිට මාව ගෙදරට සිර කරලා තියෙනවා. කිසිදු වැටුපක් නෑ. මට කිසිම දීමනාවක්වත්, කිසිම විශ්‍රාම පාරීතෝෂිතයක්වත් නොදී. මං හිතන්නේ මගේ අවුරුදු 32ක කාලය හිතට එකඟව, නීතියට අනූකුලව කරන ලද සේවාවට මට කරන සේවාව තමයි මේ. යුත්තිය ඉෂ්ඨ වෙයි කියලා මං හිතනවා.“
එම මත්මියගේ ගිණුම් වල තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අද කැඳවා තිබුණද එහි නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී නොසීට ඇති බව අද දෙරණ වාර්තාකරු සහන් කර සිටියේය.

Post a Comment