ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ඩී.එම්.කේ සහ පී.එම්.කේ පක්ෂ දරණ මතය හින්දු මුන්නානි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
හින්දු මුන්නානි සංවිධානයේ නායක රාමගෝපාලන් ප්‍රකාශ කර ඇත්තේ ඩී.එම්.කේ සහ පී.එම්.කේ පක්ෂ දේශපාලඥයින් සැඟවුණු දේශපාන පක්ෂ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති පුද බිම වැඳපුදා ගැනීමට පැමිණීම දේශපාලනික කරුණක් ලෙස නොසැලකිය යුතු බව රාමගෝපාලන් පවසයි.
මීට පෙරද ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි බැතිමතුන් පිරිසක් ඉන්දියාවේ වෙලන්කන්නි පුදබිම වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේද ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ඊට විරුද්ධත්වය පළ කර තිබු බවද හින්දු මුන්නානි සංවිධානයේ නායකවරයා කියයි.
එමෙන්ම එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංචාරය වැළැක්විය යුතු බවට ප්‍රකාශ කර තිබිණ.

Post a Comment