පැල්මඩුල්ල ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.
පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවේ නිරත වූ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
විරෝධතාවය හේතුවෙන් අද පෙරවරුවේ රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව තිබු බව ද සඳහන්ය.
පසුගිය 06 වැනිදා පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් පැල්මඩුල්ල නගරයේ සැරසිලි කටයුතු කරමින් සිටිය දි එම ස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පහරදීම සිදුකර තිබුණි.

Post a Comment