පළිබෝධ නාශක කිහිපයකට තහංචි

ග්ලයිෆොසෙට්,ප්‍රොපනිල්,කාබරිල්,ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් නමැති කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධ නාශක තහනම් කර තිබේ.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජී.ඒ.ඩබ් විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අති විශේෂ ගැසට්පත්‍රයක් මගින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මෙම තහනම නිකුත් කර ඇත.


ඒ අනුව අනුරාධපුර,පොළොන්නරුව,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රීක්ක තුළ හා බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගණය,රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම කෘෂි රසායන අඩංගු පළිබෝධ නාශක භාවිතය,විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් බව එකී ගැසට් නිවේදනයේ දැක්වෙයි.


1980 අංක 33 දරණ පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව මහජන හිතසුව පිණිස සහ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදේශය මත මෙම තහනම නිකුත් කරන බව ජී.ඒ.ඩබ් විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් වූ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



Post a Comment