එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අද අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 02ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම රැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල නායකයින් රැසක් සහභාගි වනු ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැලි 27ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු රැලිය වන්නේ අනුරාධපුර ජන රැලියයි.
ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳු අද පෙරවරුවේ වැද පුදාගැනීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Post a Comment