සෙනට් සභිකයෙකු විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිහිකර ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඔස්ට්‍රේලියානු හරිත පක්ෂයේ ලී රියනන් මන්ත්‍රීවරිය විසින් පසුගිය දා මෙම ප්‍රකාශය සිදුකර තිබු බව සඳහන්ය.
අදාළ ප්‍රකාශයට විරෝධය පළකරමින් එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති ඩොන්රැන්ඩල් ප්‍රකාශකර ඇත්තේ ඉතා කෲර ත්‍රස්තවාදී නායකයෙකු සිහිකිරීම සඳහා සෙනට් සභිකයෙකු කටයුතු කිරීම පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරන බවයි.
දශක 03 කට අධික කාලයක් ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටි අතර ඉන් අහිංසක ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් විශාල පිරිසක් ඝාතනයට ලක්වු බව ඩොන්රැන්ඩල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
එවැනි ත්‍රස්තවාදී නායකයෙකු සිහිකිරීම සම්බන්ධයෙන් ලී රියනන් මන්ත්‍රීවරිය සමාව ගත යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Post a Comment