හිරුණිකාටයි මටයි ජීවිත තර්ජන ඇවිත්!

ආයුධ පෙන්වන්න යැයි කියා තමාව රැගෙනගොස් ගිහින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්, එසේම හිරුණිකා නංගිට තියෙන තර්ජන නිසා ඇය එළියට එන්නේ නැතිව සිටින බවත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කියයි.

කොළඹ දී අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ තමාව තනිකර ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.


මේය යහපාලනයද? ප්‍රජාතන්ත්‍රවාදයද? දැයි ප්‍රශ්න කළ ඒ මහතා මැරෙ‍න්න ලෑස්ති බවත්, අපව ඝාතනය කළොත් ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම් වගකීම බාරගත යුතු බවත් කියා සිටියේය.


තමාගේ ප්‍රදේශයට ආ එස්.ටී.එෆ් දැයි කියා නොදන්නා පිරිසක් තමාගේ නිවස කොහේදැයි විමසා, හැම හන්දියකම ලොකු භීෂණයක් ඇති කර ඇති බවද හෙතෙම පැවසීය.



Post a Comment