ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන පාර්ශවයට සහයෝගය දක්වන්නේ ද පිළිබඳ අවසන් තීරණය ගැනීම එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා වෙත පවරා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සියලු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් ඊයේ දාරුසලාම් පක්ෂ මූලස්ථානයේ දී රැස්ව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මුස්ලිම් ආගමික නායකයින් ඉදිරියේ එම මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය දැනුම් දීමට නියමිතය.
පසුගිය 09 වැනිදා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස් වූ අතර එහිදී කුමන පාර්ශවයට සහය දක්වන්නේ ද යන්න පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී නැත.
පක්ෂ නියෝජිතයින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට සහය ලබාදීම සඳහා පාර්ශව දෙකකට වෙන්ව සිටි බව වාර්තා වේ.

Post a Comment