ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලැබූ මවක සහ පුතෙකු ප්‍රතිකාර සඳහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (11) රාත්‍රී 10.00 ට පමණ දංකොටුව - කිරාගාර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණ දී ඇති නිවසේ හිමිකරු උළු මෝලක හිමිකරුවෙකු වන ව්‍යාපාරිකයෙකි.
රාත්‍රී 10.00 ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති අතර එක් අයෙකු අත ගිනි අවියක් තිබී ඇත.
ඔවුන් ගිනි අවිය පෙන්වා නිවැසියන් බිය කරන අවස්ථාවේදී ගෙහිමියා විසින් කොල්ලකරුවෙකුට පුටුවකින් පහර දී ඇති අතර ඒ සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති කොල්ලකරුවන් ඔවුන් පැමිණි යතුරු පපැදියේ නැඟී පලා ගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරුවෙකු වන අතර කොල්ලකරුවන් කව්රුන්ද යන්න ව්‍යාපාරිකයා හෝ ඔහුගේ පවුලේ අය විසින් හඳුනා ගෙන නැත.
දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Post a Comment