තීරණාත්මක ඡන්ද අපි ළඟයි - ඒ කාටදැයි දෙසැ.අන්තිම කියන්නම්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සංවිධානයේ තීරණය මෙම මස අවසානයේ දී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අදහස් විමසීමෙන් අනතුරුව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රත්පත්ති ප්‍රකාශන සලකා බැලීමෙන් අනතුරුව සිය පක්ෂය අවසන් තීරණය ගන්නා බව මන්ත්‍රීවරයා කියයි.


කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බව මාවෙයි සේනාධිරාජා මහතා පෙන්වාදෙයි.


එළැඹෙන ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment