එප්පාවලදී වීදි නාටකයට පහරදීම - සන්ධාන මන්ත්‍රී ඇතුළු 3ක් රිමාන්ඩ්

එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමකට සහ මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 05 වනදා මහජනයා දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබුණි.


එහිදී අදාළ පහරදීම සිදුකර ඇති බවට එප්පාවල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන්ය.


ඒ අනුව සිදුකළ විමර්ශනයකදී ඊයේ දිනයේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.


ඉන් අනතුරුව අද පෙරවරුවේ තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ද පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment