එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ක්‍රියාකාරිත්වය හා දැනට ඔවුන් විසින් සිදුකර ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද (11) පස්වරුවේ පදනම් ආයතනයේදී පැවැත්විණ.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් කියා සිටියේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන පිල් මාරුව නිසා ජනතාවට කාට ඡන්දය දෙන්නදැයි යන ප්‍රශ්නය මතුව ඇති බවයි.
පොලීසිය දේශපාලනීකරණය වී ඇති බවත්, නීතියේ හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට අවශ්‍ය පරිදි ස්ථාන මාරුවීම් සිදුවන බවත්, රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය ඉහළගොස් ඇති බවත් එහිදී එම නියෝජිතයින් පෙන්වාදෙන ලදී.
නාමයෝජනා ලබාදී ගත වූ ටික දින තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී ඇති බවද, මැතිවරණ ප්‍රචාරණ වැඩ නිසා සාමාන්‍ය පෙළ දරුවන්ට විභාග කටයුතුවලට බලපෑම් සිදුව ඇති බවද, මේ ගැන පොලීසියේ මැදිහත්වීම් අවම මට්ටමක පවතින බවද, මේ නිසා ආගමික නායකයින්ගේ ද අවධානය යොමුවිය යුතු බවද, නිරීක්ෂකයින් පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා කැෆේ, පැෆ්රල්, ලක්මව සහ දියණියෝ, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය යන ආයතනවල නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Post a Comment