වීදි නාටකයට පහරදුන් සිව්දෙනාට ඇප

එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමකට සහ මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබු තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් සිව්දෙනා ඇප මත මුදාහැර තිබේ.

තඹුත්තේගම අධිකරණය විසින් ඔවුන් රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප මත මුදාහැර ඇත.


පසුගිය 05 වනදා මහජනයා දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කර තිබුණි.


එහිදී ඔවුන්ට පහරදීමක් සිදුව තිබු අතර ඒ අනුව සිදුකළ විමර්ශනයකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබු තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ දිනයේ පොලිසියට බාරවී තිබුණි.


ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.



Post a Comment