ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යාපනයේදී පැහැරගැනීමට ලක්ව අද (දෙසැම්බර් 10) වන දින වසර 3කි.
ඔවුන් දෙදෙනා පැහැරගෙන අතුරුදහන් කරනු ලැබුවේ 2011 දෙසැම්බර් 10 ,ලෝක මානව හිමිකම් දිනයේදී වන අතර ඊට අදාළ නඩු විභාගය අද දින යාපනය අධිකරණයේදී විභාගයට ගැනිණි.
අද දිනට නියමිතව තිබුණේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ගෙන් සාක්ෂි කැඳවීමය.
මීට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තමන් ලලිත් සහ කුහන් සිටින තැන දන්නා බව ඇඟවූ අතර ඒ පිළිබඳ විමසීමට ඔහු අධිකරණයට කැඳවා තිබුණු අතර ලලිත්ට රජයේ ආරක්ෂක අංශ වල තර්ජන තිබු බව තහවුරු කිරීම සඳහා තමන් ඉදිරියේ ලලිත්ට ආරක්ෂක අංශ සාමාජිකයන් පහර දීමේ සිදුවීමක් පිළිබඳ සාක්ෂි විමසීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අධිකරණයට කැඳවා තිබිණි.
එහෙත් ඔවුන් දෙදෙනාම අද දින අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි බැවින් යළි 2015 මාර්තු මස 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි යවන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
අද නඩු විභාගය සඳහා වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු නව සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ලංකා මාවෝ වාදී කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවල නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

Post a Comment