රත්‍රං ගෙනයාම සඳහා ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව නවතම මාර්ගයක් ලෙස භාවිත කරන බවට තොරතුරු හෙළී වී ඇති බව ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව හරහා රැගෙන ආ රත්‍රං තොගයක් චෙන්නායි සහ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකදී සොයාගෙන ඇත.
බංග්ලාදේශය, මියෙන්මාරය, නේපාලය සහ පාකිස්ථානය හරහා රත්‍රං ජාවාරම වැඩි වශයෙන් සිදුව ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් එම රටවල ආනයන බදු ඉහළ දැමීම හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව හරහා රත්‍රං රැගෙන යන බව ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියෙන්මාරය යන රටවල රේගු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කලාපීය රැස්වීමකදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Post a Comment