කැලණියේදී දුම්රිය මැදිරියක් ගැලවෙයි

පොල්ගහවෙල සිට මොරටුව දක්වා ගමන් කරමින් තිබු දුම්රිය බලවේග කට්ටලයක මැදිරියක් ගැලවී ගොස් තිබේ.

අද පෙ.ව. 8.00ට පමණ අදාළ සිද්ධිය වී ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියේය.


කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී ‍මෙසේ දුම්රියේ මැදිරියක් වෙන්වී ගොස් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.


කෙසේ වෙතත් අදාළ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු නොවන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Post a Comment