කුන්කල් දැක්ම අද පිටවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ.

“මහින්ද චින්තන තුන්කල් දැක්ම“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකරන බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.


2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වු අතර 2010 වසරේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හඳුන්වාදෙනු ලැබුණි.


අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක පදනම්ව රටේ ඉදිරි අනාගතය සඳහා වැදගත් වන්නා වු ප්‍රතිපත්ති හා නව සැලසුම් රැසක් සමගින් මෙම මහින්ද චින්තන තුන්කල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.


මේ අතර නායකයින් සිටිය යුත්තේ රටේ ජනතාවගේ කඳුළු පිසදැමීමට මිස ජනතාව ඉදිරියට පැමිණ ඉකි ගසමින් හඞන්නට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කිඹුල් කඳුළුවලට අද රටේ ජනතාව රැවටිය නොහැකි බවයි.


රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති විජයග්‍රාහී ජනරැළියට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



Post a Comment