මැදදුම්බර අය වැය පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයේ පවතින මැද දුම්බර ප්‍රාදේශීය සභාවේ 2015 වසර සඳහා වන අයවැය පරාජයට පත්ව තිබේ.

වැඩි ඡන්ද එකකින් අයවැය පරාජයට පත් වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


මැද දුම්බර ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සමන්විතය.


අද දිනයේ අයවැයට අදාළ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පැමිණ නොසිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


පැමිණ සිටි සන්ධාන මන්ත්‍රීවරුන් 6 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.



Post a Comment