කිසිදු ගිවිසුමක් අත්සන් කරලා නෑ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමන් පවතින දූෂිත ආණ්ඩුවෙන් පිටතට පැමිණියේ කිසිදු ගිවිසුමකට අත්සන් නොතබා බවත්, එය විශ්වාසය මත පමණක් පදනම් වූ ජනතා හිතවාදී ලෙස සිදුවුවක් බවත්, පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ සවස (22) හොරණ ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.


එහිදි වැඩිදුරටත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පහත පරිදි අදහස් දැක්විය.


‘‘මෙම පක්ෂය මෙරට තුළ බිහිවුන ප‍්‍රබලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයයි. ජනවාරි 8 වනදා යින් පසු ස්ථීර ආණ්ඩුවක් ඇති කළ හැකියි. රාජ්‍ය සේවය, අධිකරණය, ස්වාධිනත්වය මේ වාතාවරණය තුළ ඇති කිරීමේ හැකියාව පවතී. 2010 වර්ෂයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යුධ ජයග‍්‍රහණයෙන් බොහෝ සේ උද්දාමයට පත්ව සිටියා. ඔහු ඉන් රාජ්‍යත්වයක් ආරෝපණය කරගන්න උත්සහ කරා. යුධ ජයග‍්‍රහණ වල සරත් ෆොන්සේකා මහතාත්, ප‍්‍රමුඛත්වය ලබා දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ මැති ඇමතිවරු, බුද්ධිමතුන් සියල්ල අමතක කරනු ලැබුවා. නීතියේ ආධිපත්‍ය බිඳ දමනු ලැබුවා. පොලිස් සේවයේ නිලධාරීන්ට ස්වාධීනව තම කටයුතු සිදුකරගෙන යාමේ අවස්ථාව අහිමි කළා. මහා සංස්කෘතියක්, සදාචාරයක් ඇති රටක් නමුත් ඒ රටත් ලිංගික අපචාර, ස්ත‍්‍රී දූෂණ මිනීමැරුම්, මත් කුඩු වලින් වෙලාගෙන තිබෙනවා. ඒ සියල්ල ඔහු විසින් ආරක්ෂා කළා. ඊට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක‍්‍රියාත්මක කළේ නෑ. ව්‍යාපාරිකයින් අත්වැල් බැඳගෙන ධනය රැස් කිරීමේ ක‍්‍රමවේදයක යෙදී සිටියා.


සංවර්ධනයේ මුවාවෙන් තුනෙන් දෙකක මුදලක් ලබාගෙන තිබෙනවා. සංවර්ධන කටයුතු වලට ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 100ක් නම් ලක්ෂ 300 ක් ලෙස ඔවුන් ඇස්තමේන්තු සකස් කළා. සුන්දර සංවර්ධනයේ පිටුපස රාජපක්ෂ පවුල අසීමිත ධනයක් රැස් කළා. කිසිම ටෙන්ඩර් කැඳවීමක් නොමැතිව බොහෝ දේවල් සිදු කළා. ඔහුට ජනතාවගේ දුක්ගින්න අමතක වුණා. ලංකාව තුළ, ලක්ෂ 100 ක පමණ පිරිසක්, එදිනෙදා ආහාර වෙලාවත් ලබාගත නොහැකි ගැටලූවකට මුහුණ දෙමින් සිටි. ඔවුන් පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කළ විට ඔහු එය තැකීමට ලක් කළේ නෑ. ලංකාවේ හිටපු ජනාධිපතිවරු කොටුවේ ජනාධිපති මන්දිරයටවත් ගිහින් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නුවර, නුවරඑළිය, අනුරාධපුර තිබු ජාධිපති මන්දිර රාජ මාලිගා බවට පත් කළා. රාජක්ෂ පවුල විසින් සිදුකරගෙන යනු ලබන පාලනය අස්ථාවරයි. මිනිසුන්ට ජනවාරි 8 වනදායින් පසු ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක්, මෛත‍්‍රී පාලනයක් තුළ ඇති කිරීමට හැකියාව තිබෙනවා.’’



Post a Comment