වයස 78යි - යට ඇඳුම්වල රන් කිලෝ එකහමාරක්

නීති විරෝධි ලෙස රත්‍රං තොගයක් ඉන්දියාවට ගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 78 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.


ඇය සතුව තිබී කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක බරින් යුත් රත්‍රං තොගයක් සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගත් කාන්තාව ඇද සිටි ඇඳුම් වල මෙම රත්‍රං සඟවාගෙන පැමිණ ඇති බව සඳහන්ය.



Post a Comment