සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.
අද (10) තරඟය නුවර පල්ලේකැගේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
අබාදයකට ලක්වී තිබෙන රංගන හේරත් වෙනුවට සචිත්‍ර සේනානායන කණ්ඩායම ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විට තුනට එකක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.

Post a Comment