ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත්පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා මෙම කම්කරුවන් බඳවා ගනු ඇත.
ඒ අනුව සුළු කම්කරුවන් 2010 දෙනෙකු මෙලෙස බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව මෙලසෙන බඳවාගනු ලබන සේවකයින් ඊයේ දිනයේ සිට සේවා කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ද පොලිස්පතිවරයා විසින් අවසර ලබා දී තිබේ.
කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරී වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, දිස්ත්‍රික්ක භාර පොලිස් අධිකාරී හෝ සහකාර පොලිස් අධිකාරී වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, මුලස්ථාන පොලිසියක් වෙනුවෙන් කම්කරුවන් 05 දෙනෙක්, උපනගරයක පිහිටි පොලිස් ස්ථානයක් සඳහා කම්කරුවන් සිව් දෙනෙක් බඳවා ගැනීමට අවසරය හිමිවේ.
මීට අමතරව සෙසු පොලිස් ස්ථානයන් සඳහා කම්කරුවන් තිදෙනෙක් යොදවා ගැනීමට අවසරය හිමිවනු ඇත.
මෙම කම්කරුවන් බඳවා ගැනීමේ දී පක්ෂ දේශපාලන කටයුතු වල නො යෙදෙන නිදහස් පුද්ගලයන් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව යොදවා ගත යුතු බව පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

Post a Comment